top of page

වියළි, තෙල් සහිත, හෝ සංවේදී... ඕනෑම ආකාරයක සමකට දිව ඔසුව - කෝමාරිකා

Writer's picture: AdminAdmin

Updated: Oct 3, 2024


all skin types

සියවස් ගණනාවක් පුරා ලොව වටා සෑම රටකම පාහේ රූපලාවණ්‍ය සත්කාර වල ප්‍රමුඛස්ථානයක් ලබාගත් විශ්මිත පැළෑටියක් තමයි කෝමාරිකා කියන්නේ. තෙල් සහිත වියළි හෝ සංවේදී ඕනෑම ආකාරයක සමකට යහපත් ප්‍රතිඵල ලබාදීම කෝමාරිකා පැළෑටියේ විශේෂත්වයයි.


තෙල් සහිත සමකට

තෙල් සහිත සමක් තියෙන කෙනෙක් මුහුණ දෙන ප්‍රධාන ගැටලු තමයි නිතරම කුරුලෑ මතුවීම සහ සම මතුපිට නිතරම තෙල් සහිත බවක් රැඳීම. ඒවගේම කෝමාරිකා පැලය සතු විශේෂ හැකියාවක් තමයි සම මතුපිට ඇති කුඩා සිදුරු සහ සමයෙහි සෛල හැකිලවීමේ ගුණය. එමගින් සම මතුපිට සෛල බිඳවැටීම පාලනය වෙනවා. ඒ වගේම ප්‍රති ප්‍රදහ (anti-inflammatory) ගුණ ඇති සංයෝග අන්තර්ගත වන නිසා වේදනාකාරී සමට සහනයක් ද ලබා දෙනවා.



වියලි සමකට

වියලි සමකට ඇති ප්‍රධානම අවශ්‍යතාවය වන තෙතමනය රඳවා ගැනීම සඳහා හොඳම විසඳුමක් විදිහට කෝමාරිකා හඳුන්වන්න පුළුවන් . විශාල වශයෙන් ජලය අන්තර්ගත වන කෝමාරිකා සම සම තුළට හොඳින් අවශෝෂණය වන නිසා දවස පුරාම ය තෙතමනය රඳවා ගැනීමේ හැකියාවක් තියෙනවා. නිතරම භාවිතය මගින් සමෙහි වියලි බව සහ පොතු ගැලවී යාම වළක්වන අතර සමට සුමුදු නම්‍යශීලී බවක් ලබා දෙනවා.


Kagoma Ceylon face Cream

සංවේදී සමකට

වේදනාවන් සමනය කිරීමේ හැකියාවක් ඇති කෝමාරිකා සංවේදී සමකට අවශ්‍යය මෘදු සත්කාරය ලබා දෙනවා. එහි ඇති ප්‍රති ප්‍රදාහ සහ ක්ෂූද්‍ර ජීවී නසන ගුණයන් නිසා සම රත් පැහැවීම, ආසාදන හා අසාත්මිකතා තත්ත්වයන් වළක්වා ගන්න පුළුවන්. එපමණක් නොව සංවේදීතාවයට බලපෑම් කරන eczema වැනි රෝග තත්ත්වයන්ද අඩු කිරීමට උපකාර වෙනවා.


වයස්ගත වන සමකට

සම වයස්ගත වීමේදී ප්‍රධානම වශයෙන් සිදුවන්නේ සමෙහි ඇති නම්‍යශීලි භාවය හා තෙතමනය රඳවා ගැනීමේ හැකියාව අඩුවීමයි. කෝමාරිකාවල වල බහුලව අඩංගු වන විටමින් සී සහ විටමින් ඊ වැනි ප්‍රතිඔක්සිකාරක (anti-oxidants) මගින් සමේ නම්‍යශීලීතාවය රැකගන්නා අතර සම රැළි වැටීමද වළක්වනු ලබනවා.


සුව කිරීමේ බලය

එදිනෙදා රූපලාවන්‍ය අවශ්‍යතාවන්ට අමතරව හිරු රශ්මියෙන් ඇතිවන පීඩාවන්, ඉතා කුඩා ප්‍රමාණයේ සීරීම්, අහිතකර නිෂ්පාදන භාවිතය නිසා සිදුවන අපහසුතා වැනි සියලුම ආකාරයේ පීඩාවන්ගෙන් සම මුදවා ගැනීමටත් කෝමාරිකා භාවිතයෙන් ලැබෙන්නේ විශාල පිටුවහලක්. සෛල නැවත ජනනය කිරීම, ලප කැළැල් අඩුකර ගැනීම සහ සම සිසිලනය කිරීම තවත් වැදගත් ගුණාංගයන් කීපයක්.

Kagoma Ceylon After Sun Recovery Gel


ඕනෑම ආකාරයක සමකට දිව ඔසුව....කෝමාරිකා

කෝමාරිකා යනු තවත් එක් ඖෂධීය පැළයක් පමණක් නොවෙයි. එය ඕනෑම ආකාරයක සමකට දවසේ ඕනෑම වේලාවකදී භාවිතා කළ හැකි විවිධාකාර වාසි ගෙන දෙන දිව ඔසුවක් ලෙසින් හැඳින්විය හැකියි. ඔබගේ අවශ්‍යතාවය වයසට යාම පමා කිරීම වුවත්, අපහසුතාවන් සමනය කිරීම වුවත්, කුරුලෑ වැනි ආසාදන තත්ත්වයන්ගෙන් මිදීම වුවත් දවසේ ඕනෑම වෙලාවක ඕනෑම ආකාරයේ සමකට සුව ගෙන දෙන කෝමාරිකා පහස ඔබත් විඳගන්න.

Comments


SIGN UP FOR ALL UPDATES, POSTS & NEWS

Thanks for submitting!

  • Grey Instagram Icon
  • Grey Facebook Icon
  • Grey Pinterest Icon
  • Grey Twitter Icon
  • Grey YouTube Icon

© 2024 Kagoma Ceylon Pvt Ltd - Powered by Enkay Reach Holdings

bottom of page